gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටවිරුවන්ගේ ඩොලරයකට බැසිල් දෙන බව කී “වැඩිපුර රුපියල් 20“ නොලැබෙන ලකුණු!

මුදල් අමාත්‍යාංශය විසින්  විදෙස්ගත ශ්‍රමිකයන් වෙත එවන ඩොලර් එකට දිරි දීමනාවක් ලෙස  අතිරේකව  රුපියල් 20ක්  ගෙවන බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළත් ඒ පිළිබඳව  මහ බැංකුව තවම තීරණය කර නැති බව වාර්තා වේ.

මෙය තවමත් අදහසක් පමණක් බවත් වෙළෙඳපලේ පවතින තත්වය සමග ඒ පිළිබඳව බැංකු සඳහා මගපෙන්වීම් නිකුත් කිරීම  ගැන අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත් මහ බැංකුව  ආරංචි මාර්ග ලංකාසරට  පැවසීය.

නිසි සංවාදයක් නොමැති වීම නිසා මේ ව්‍යාකූල තත්වය නිර්මාණය වූ බවත්  එම ආරංචි මාර්ග හෙළි කළේය.

පසුගිය සඳුදා මතභේදාත්මක තත්වයක් මතුවන්නේ නම්‍යශීලී අනුපාත යටතේ   මහබැංකුව රුපියල අවප්‍රමාණය කර  ඩොලරයට සාපේක්ෂව රුපියල්  230ක මට්මින් පවත්වාගෙන යෑමට  ගත් තීන්දුව  කැබිනට් මණ්ඩලය නොදැන සිටීමය.

මේ තීරණය ගැන නොදැන සිටි කැබිනට් මණ්ඩලය විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ඩොලරයක් සඳහා  රුපියල් 38ක මුදලක් අතිරේකව ගෙවීමට තීරණය කළේය.

ඒ තීරණය ගෙන තිබිය දී මහබැංකුව දැනුම්වත් කිරීමකින් තොරව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේ  විදේශ ශ්‍රමිකයන් එවන ඩොලරයක් සඳහා රුපියල් 20ක දිරි දීමනාවක් ගෙවන බවය.

නමුත් රුපියල පාවීමට තීරණය කළ මහබැංකුව  ඊයේ දිනයේ   සියලුම බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කරමින් මින් පෙර විදේශ ශ්‍රමිකයෙකුගේ ඩොලරයක් වෙනුවෙන් ගෙවන ලද   රුපියල් 10ක දිරි දීමනාව නවැත්තුවේය.

මේ වනවිට අමතරව දිරි දිරීමනාවක් ගෙවීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත්  පුද්ගලික බැංකුවකින්  ඩොලරයක් සඳහා රුපියල්  265ක් ගෙවමින් ඇති බවත්  අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

මහබැංකුවේ දත්ත ප්‍රකාරව මේ වනවිට ඩොලරයක් සඳහා විකිණුම් මිල රුපියල් 225.84කි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka