බැසිල් අමෙරිකා යයි! මුලින්ම වොෂින්ටනයට! පස්සෙ කැලිෆෝනියාවට!
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.
ලබන අප්‍රේල් දෙවන සතියේදී මෙසේ අමෙරිකාව බලා පිටත්ව යන මුදල් අමාත්‍යවරයා පළමුව වොෂින්ටන් නුවරට ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතය.
එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමග සාකච්ජා කිරීමට මුදල් ඇමැතිවරයා සූදානමින් සිටින බව පැවසේ.
ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා කැලිෆෝනියාවේ සිටින සිය බිරිය ඇතුළු පවුලේ ඥාතීන් මුණගැසීමට සැලසුම් කොට ඇත.
බැසිල් අමෙරිකා යයි! මුලින්ම වොෂින්ටනයට! පස්සෙ කැලිෆෝනියාවට!
2022-03-12T11:43:00+05:30
Gossip Lanka Hot News





