තවත් ඇමති හතරක් දිවුරයි.. නිර්දෝෂී වූ අරුන්දික යලි ඇමතිකමේ දිවුරයි
අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.
සී.බී. රත්නායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන අමාත්‍ය
විමලවීර දිසානායක මහතා – ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු මහතා – පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
– ජනාධිපති මාධ්‍ය අංශය
තවත් ඇමති හතරක් දිවුරයි.. නිර්දෝෂී වූ අරුන්දික යලි ඇමතිකමේ දිවුරයි
2022-03-04T16:54:00+05:30
Gossip Lanka Hot News





