යලිත් ඇමති පින පෑදේ! අරුන්දික නිර්දෝෂී බව රාගම සරසවි ගැටුමේ කමිටු වාර්තාව කියයි
පසුගිය පෙබරවාරි මස පළවෙනිදා රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී සිදුවූ පිළිබඳව වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.
අදාළ කමිටුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර තිබිණි.
අදාළ වාර්තාවේ දැක්වෙන්නේ එම ගැටුම සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම් සහගත හා චේතනාන්විතව සිදු කළ ගැටුමක් නොවන බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටි අරුන්දික ප්‍රනාන්දු මහතාගේ කිසිදු සම්බන්ධයක් හෝ බලපෑමක් නැති බවද එම වාර්තාවේ සඳහන්ය.
ඒ අනුව අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝශී අයෙකු බව නිගමනය කරන බව එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් අරුන්දික ප්‍රනාන්දු මහතා තමන් දැරු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තානකාලිකව ඉල්ලා අස් වූයේ තමන් වරදකරු වුවහොත් අමාත්‍යධූරයෙන් යලි බාර නොගන්නා බව පවසමනි.
කමිටු වාර්තාවේ නිගමනය මත ඔහුට නැවතත් අමාත්‍ය ධූරයේ රාජකාරි කිරීමට හැකියාව විවර වී තිබේ.
යලිත් ඇමති පින පෑදේ! අරුන්දික නිර්දෝෂී බව රාගම සරසවි ගැටුමේ කමිටු වාර්තාව කියයි
2022-03-04T06:38:00+05:30
Gossip Lanka Hot News





