හෙට පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවීම සම්බන්ධව දෙමළ ජාතික සන්ධානය තුළ අභ්‍යන්තර මත ගැටුමක් ඇති වී ඇතැයි වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් තම සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවන බව ප්‍රකාශ කළත් මේ වනවිට ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදය සම්බන්ධව යළි සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක්වන ලංකා කම්කරු කොංග්‍රසය, සී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසය, මනෝ ගණේෂන්ගෙ නාකයකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයය, යන සුළු ජාතික පක්ෂ මෙම සමුළුව වර්ජනය කර තිබේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11න් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අනෙක් පක්ෂ 10ම වර්ජන තීරණයක සිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලපෑම මත ඊට සමස්ථය නියෝජනය කරමින් අතුරලියේ රතන හිමි සහ මහාචාර්ය තිස්ස විතාරණ සහභාගී වීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය සමුළුව වර්ජනය කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තවම සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න තීරණයක නැත. ඒ සම්බන්ධව ඔවුන්ගේ අවසන් තීරණය අද ප්‍රකාශ වීමට නියමිතය.
මේ අනුව දැනට ස්ථිර වශයෙන්ම මෙම සර්ව පාක්ෂික සමුළුවට පක්ෂ ලෙස සහභාගීවන බව තහවුරු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් පමණක් හිමි එක්සත් ජාතික පක්ෂය පමණක් බව දැනගන්නට ඇත.
