සජබෙ ජ්‍යෙෂ්ඨයන් සජිත් එක්ක මහ රෑ රැස්ව විරෝධතාව ගැන අවසන් තීන්දු ගනී! ලක්ෂ 3 පන්නන ජනතාවක් පෙළපාලි 2කින් කොළඹට! EXCLUSIVE VIDEO
“රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් හෙට (15) සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතාවය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අතර මේ වන විට පැවැත්වේ.
මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉම්තියාස් බාකීර් මාකර්, හරින් ප්‍රනාන්දු ,හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න,මනුෂ නානායක්කාර, එස් එම් මරික්කාර් , නලින් බණ්ඩාර, මයන්ත දිසානායක, මුජබර් රහමන් , හෙක්ටර් අප්පුහාමි, ඇතුළු පිරිසක් මීට එක්ව සිටිති.
හෙට දිනයේ රටපුරා විසිරී සිටින අති විශාල ජනකායක් ඊට සහභාගි වීමට නියමිත බව දැනටමත් වාර්තා වී තිබේ.
ලක්ෂ තුන ඉක්මවූ ජනතාවක් මීට සහභාගී වනු ඇතැයි අනුමාන කරන අතර මාර්ග දෙකකින් පෙළපාලි දෙකක් ලෙස ජනතාව විරෝධතාවයට පැමිණෙන බවත්, අවසානයේදී එක් ස්ථානයකදී විරෝධතාවය පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම පෙළපාලිය කඩාකප්පල් කිරීම සදහා මේ වන විටත් බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම බරපතළ ලෙස අවහිර කොට ඇතිබව දිවයිනේ නන්දෙසින් වාර්තා වෙයි.
සජබෙ ජ්‍යෙෂ්ඨයන් සජිත් එක්ක මහ රෑ රැස්ව විරෝධතාව ගැන අවසන් තීන්දු ගනී! ලක්ෂ 3 පන්නන ජනතාවක් පෙළපාලි 2කින් කොළඹට! EXCLUSIVE VIDEO
2022-03-15T06:15:00+05:30
Gossip Lanka Hot News





