බ්‍රිතාන්‍යයෙන් මෙරටට ඒවා තිබූ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අපද්‍රව්‍ය අඩංගු බහාලුම් තොගයේ අවසාන බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායේදී අද (21) පෙරවරුවේ නැව්ගත කළේය.
මෙම අපද්‍රව්‍ය තොගය අඩංගු බහාලුම් මෙරටට එවා තිබුණේ ලන්ඩනයේ M/s Vangaads Ltd. නම් සමාගමකි.
අතරමැදි සමාගමක් හරහා එම අපද්‍රව්‍ය බහාලුම් බාරගෙන තිබුණේ M/s Ceylon Metal Corporation pvt Ltd. නමැති ආයතනයකි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බහලුම් නැව්ගත කිරීම සිදුවිය.
එහිදී Hayleys Free Zone සමාගම සේවා සපයන්නකු ලෙස පමණක් මෙම ගනුදෙනුවට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.
කුණු කන්ටේනර් ගැන අනිල් ජාසිංහ කළ හෙළිදරව්ව!
