ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…
ඒවා බොරු කතා ජනාධිපතිතුමනි; දළු කිලෝ පන්සීය කඩපු අපි දැන් කඩන්නේ කිලෝ දෙසීයයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාවේ නිරත වන වගාකරුවෙකු අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.
තේ වගාව සඳහා පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියන් ජනාධිපතිවරයා සමග අදහස් පල කරයි.
පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් ගොවියා කියා සිටී.
නමුත් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් නොමිලේ පොහොර දුන් බවත් අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.
කෙසේ වෙතත් මෙම සිදුවීම කෙදිනක වූවක්දැයි පැහැදිලි නැත.
ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…
2022-02-21T23:37:00+05:30
Gossip Lanka Hot News




