gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හැකියාව ඇති සියලු දෙනා තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න – යුක්රේන් ජනපති ජනතාව අමතා කියයි

යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම රුසියාව සමග තිබෙන සියලු  රාජ තාන්ත්‍රික සබඳතා අත්හරින බවත් ඔහු පවසයි.

රුසියානු ප්‍රහාරය අතීතයේ නාසි ආක්‍රමණයට සමාන බවත් ජනාධිපති සෙලෙන්ස්කි පවසයි.

මෙම ප්‍රහාරය නවත්වන ලෙස ඉල්ලමින් රුසියානු රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

මෙයට පිළිතුරු ලෙස ප්‍රකාශයක් නිකුත් කරමින්  රුසියාව කියා සිටියේ තමුන් යුක්රේනය සමග ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා අත් හරින බව ප්‍රකාශ නොකළත් ඒ පිළිබඳ සිතමින් සිටින බවයි.

යුක්රේනයේ මෙම තීරණය තාර්කික තීරණයක් බව රුසියානු රජය වැඩි දුරටත් පවසයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka