gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්ට, වාසුට මට “ආණ්ඩුව සහ ඇමති ධූරවලට වඩා” රට වටිනවා – ගම්මන්පිල

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාට සහ විදුලිබල අමාත්‍යවරයා ලෙස ගාමිණි ලොකුගේ මහතාට මේ මොහොතේ විදුලි අර්බුදයට ගත යුතු තීන්දු තීරණ පිළිබඳව තමා පුද්ගලිකව දැනුම් දී ඇතත් ඒ පිළිබඳව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමට නොහැකි බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ වන විට ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට පිටින් යමින් අවුල් සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පවසයි.

ආණ්ඩුවේ වැරදි විවේචනය කරමින් ආණ්ඩුව තුළ විපක්ෂයේ කාර්ය භාරය විමල් වීරවංශ මහතා සහ වාසුදේව නානායක්කාර මහතා සමග තමන් ඉටු කරමින් සිටින බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතාට සහ වාසුදේව නානායක්කාර මහතාට මෙන්ම තමන්ට ද “ආණ්ඩුව සහ ඇමති ධූරවලට වඩා” රට වටිනා බව ඒ් මහතා පැවසීය.

සිය අමාත්‍ය අමාත්‍යධූර නැති වුවත් ආණ්ඩුව නැති වුවත් තමන්ට “රට නැති කර නොහැකි බව”ද ඔහු කියා සිටී.

විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර මහතා සහ තමා එල් .එන්.ජී . සැපයුම සහ බලාගාර ඇමරිකානු සමාගමකට ලබා දීමට විරුද්ධව අධිකරණයට යෑම තුළිනන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩා ඇති බැවින් තිදෙනාම කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමේ තීන්දුව ජනාධිපති වරයාට ඕනෑම මොහොතක ගත හැකි බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමින් ඔහු මේ අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka