බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අද (18) ලිපියක් යැව්වා.
ලිපියේ අරමුණ
ඉන් බලාපොරොත්තු වන්නේ දිගින් දිගටම ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව පියවා ගැනීමයි.
ගම්මන්පිල අමාත්‍යවරයා මුදල් ඇමතිවරයාට යැවූ ලිපියට පදනම් වූ ගණන් හිලව්ද මාධ්‍ය හමුවක් තබමින් හෙළි කළා.
එක් දිනකට ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව රු. මිලියන 551ක් (රු.ලක්ෂ 5510) බවයි ඔහු හෙළිදරව් කරන්නේ.
බදු මුදලින් උපයන ගණන
පෙට්‍රල් 92 ලීටරයකින් රු. 42ක , පෙට්‍රල් 95 ලීටරයකින් රු. 64 ක , ඩීසල් ලීටරයකින් රු. 17 ක හා සුපිරි ඩීසල් ලීටරයකින් රු. 39 ක බද්දක් මුදල් අමාත්‍යංශය පනවා ඇති බව අමාත්‍යවරයා සදහන් කරනවා.
එම බදු මගින් දිනකට මුදල් අමාත්‍යාංශය රු.මිලියන 367ක් (රු. ලක්ෂ 3670) මුදල් අමාත්‍යාංශයට හිමිවන බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙම බදු මුදල මුදල් අමාත්‍යාංශය විසින් ඉවත් කර දුන්නොත් තෙල් සංස්ථාව ලබන පාඩුවෙන් සෑහෙන ප්‍රමාණයක් ආවරණය කරගත හැකි බවයි ගම්මන්පිල මහතාගේ මතය වන්නේ.
තෙල් මිල වැඩි කිරීමට ඉඩ නොදෙන්නේ නම් තෙල් සංස්ථාව දෛනිකව ලබන පාඩුව පියවා ගැනීම සඳහා මෙම පියවරවත් ගත යුතු බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
