gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල වැඩි කරන්න සූදානම් - විපක්ෂ නායක

ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරු ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සාමාන්‍යයෙන් උත්සවයක් පවත්වන්නෙ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා ගම්මදාව,මහවැලි සංවර්ධන ව්‍යාපාරය,ඇඟලුම් කම්හල් දෙසීය වැඩසටහන,දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැලි කටයුතු වෙනුවෙන් උත්සව පවත්වනු ලැබූවත් ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට පළමු වතාවට උත්සවයක් පැවැත් වූ බව ද ඒ මහතා පැවැසීය.

දෛවයේ සරදම වන්නේ ,තම ඉල්ලීමට අනුව ඉන්දියාවේ ණය ආධාර යටතේ ඉකුත් කාලයේ හදපු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න මෝඩි අගමැතිතුමා ලංකාවට එනකොට එදා කළු කොඩි දාන්න කියපු ඇමතිවරුම මෙදාමෙදා ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න යාමට වීම බවද විපක්ෂ නායකතුමා පැවසීය.

ඒකාන්තවම තවත් දින කිහිපයක් යන්න කලින් නැවත වතාවක් තෙල් මිල ඉහළ දාන බව පැවසූ විපක්ෂ නායකතුමා එය මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යාම විය හැකි යැයි ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 45වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කල්මුණේ රෝහල වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.

– media unit


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka