gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැඟවුණු චරිතය එළියට ගන්න – තිස්සකුට්ටි ජනපතිගෙන් දරදඬු පාලනයක් ඉල්ලයි (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේදී රටේ බහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දරදඬු පාලනයක්, හිට්ලර් වැනි පාලනයක් ඉල්ලා සිටි බවත් කෙසේ නමුත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයෑම සඳහාත් ජනාධිපතිවරයා ඉතා නිහතමානී පාලනයක් ගෙනයන බවත් පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයාගේ නිහතමානී පාලනය හේතුවෙන් ඇතැම් ගැටලු විසඳීමේ නොහැකියාවක් පවතින බැවින් කෙටි කලකට හෝ දරදඬු පාලනයක් ගෙන යන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පවසනවා. ආසියාතික රටක් ලෙස රටේ නායකයාගෙන් ඉතා තද, දැඩි පාලනයක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරනවා.

මෙතෙක් කිසිදු නායකයෙකු අත නොගැසූ ඉතා බැරෑරුම් ව්‍යාපෘතියක් වන කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා ජනාධිපතිවරයා නොබියව ඉදිරිපත් වූ බව පෙන්වා දෙන තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයා එම ව්‍යාපෘතිය ආරම්භ කළේ චෝදනා අපවාද එල්ල වන බව දැන දැනම බවයි. කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම හරහා කන්න දෙකක් තුනක් යනතෙක් අස්වැන්නේ යම් අඩුවක් සිදුවන බව කලින්ම උපකල්පනය කළ බවත්, අස්වැන්න අඩුවන සියලු ගොවීන්ට වන්දි ලබාදීමට තීරණය කර ඇති බවත් ඔහු පවසනවා.

තවත් කන්න දෙක තුනක් යනවිට ජනාධිපතිවරයාගේ බුද්ධිමත් තීරණයේ ප්‍රතිලාභ රටේ සියලුදෙනාට භුක්ති විඳීමට අවස්ථාව හිමිවන බවද තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කරනවා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka