gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද්විතීය මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක ජීවිත වැකියට තිත තබයි

අද්විතීය පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය.

ඒ මහතාගේ දේහය තලංගම රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

1944 මැයි 12 වන දා උපත ලැබූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වන විට 77 වියෙහි පසුවිය. 

ඔහු සිය පුවත්පත් කලාව ආරම්භ කළේ, ලේක්හවුස් ආයතනයෙනි.

පසුව දිවයින පුවත්පත ආරම්භයේදී ම දයාසේන ගුණසිංහ සහ එඩ්මන් රණසිංහ සමග එක් වී මෙරට සාම්ප්‍රදායික පුවත්පත් කලාව දැඩි පරිවර්තනයකට යොමු කළේ ය.

ඉන්පසු ලක්මිණ, ලක්දිව සහ හිරු පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙස සේවය කළේ ය.

ඊට අමතරව, හඬනු මැන නිදහස, ඇමරිකා ඇමරිකා, කැරොලිනාගේ දිනපොත සහ මොහොමඩ් අලී ඇතුළු පොත් කිහිපයක් පරිවර්තනය කරමින් ඔහු සාහිත්‍යකරුවෙකු ලෙස ද ජනාදරයට පත් විය.

සුනිල් මාධව මහතාගේ චරිතය කේන්ද්‍රගත කර ගනිමින් දයාසේන ගුණසිංහයන් විසින් අවියක් නැති සෙනෙවියා යන නමින් කෙටි කතාවක් ද නිර්මාණය කරනු ලැබී ය. 

සුනිල් මාධව ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ නිම්වලල්ල යන නමින් චිත්‍රපට තිර පිටපතක් ලියූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී රංජිත් කුමාර ඇතුළු ශිෂ්‍ය පිරිසක් සමග එක් වී එය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබිණි.

ඔහු කොළඹ යුගයේ ප්‍රකට කවියෙකු වූ මීමන ප්‍රේමතිලකයන්ගේ පුත්‍රයෙකි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka