අනුරපුරෙන් පසු දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් තියන්න පොහොට්ටුව තීන්දු කරයි!
ලබන 09 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත පළමු රැස්වීමෙන් පසු දිස්ත්‍රික් මට්ටමින් එම රැස්වීම් මාලාව සංවිධාන කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇත. එම සියලු රැස්වීම් සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
මීට අමතරව අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ද ඊට සහභාගී වීමට නියමිතව ඇත.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම රැස්වීම් මාලාව සැලසුම් කිරීමට කටයුතු කොට තිබේ.
අනුරපුරෙන් පසු දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් තියන්න පොහොට්ටුව තීන්දු කරයි!
2022-02-03T16:58:00+05:30
Gossip Lanka Hot News





