gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රබල ඇමතිවරයෙකු තනි ගමනකට සැරසෙයි! නිවසේ මන්ත්‍රීවරු එක්ක රහස් සාකච්ඡාවක!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

"ඉදිරියේදී එන්න තියෙන්නේ පළාත් පාලන මැතිවරණයයි. එම මැතිවරණයේදී  අපි වෙනම ඉල්ලන්න ලැහැස්ති වෙන්න." ශ්‍රීලනිප ප්‍රබලයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

නිමල් සිරිපාල අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගිය 13 වැනිදා බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ ශාලාවට යාබද ඇති ඇමතිවරයාගේ නිවසේදී පැවති රැස්වීමකදීය.

ඒෂියන් මිරර් වෙත වාර්තා වන අන්දමට බදුල්ල ආසනයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයින් මෙන්ම කොට්ඨාශ සංවිධායකවරුන් මෙම රැස්වීමට සහභාගී වී තිබෙනවා.

මෙම රැස්වීම කැදවා ඇත්තේ එළඹෙන මාර්තු මස 12 වන දින මෛත්‍රීපාල සිරිසේන මහතා බදුල්ලට පැමිණීම සම්බන්ධයෙන් කටයුතු සූදානම් කිරීම සදහායි.

"අපිට පොහොට්ටුව එක්ක එක්වෙලා ඡන්දෙ ඉල්ලුවත් අපි බලාපොරොත්තු වන අපේක්ෂකත්වය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙනම ඉල්ලන්න ලෑස්ති වෙන්න ඕනි. අපේ පක්ෂය වෙනම ඉල්ලන එක අමාරු කාර්යයක්. නමුත් අපි ඒ දේ කරන්න ඕනි. ඒ සදහා දැන්න ලෑස්ති වෙන්න." ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

"පොහොට්ටුව ජනතාවට දැන් එපාවෙලයි තියෙන්නේ. ඒ නිසා ඒ එපා වෙච්චි පිරිසගේ ඡන්දය එජාපයටවත් ජවිපෙටවත් යන්න නොදී ශ්‍රීලංනිපයට වට්ටගන්න කටයුතු කරන්න ඕනි." යැයිද අමාත්‍යවරයා පවසා ඇතැයි  වැඩිදුරටත් වාර්තා වනවා.  

- ඒෂියන් මිරර් 

    


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka