රෝහිත අබේගුණවර්ධනගේ රැස්වීමක් අසලදී රැප් ගායක FillT අත්අඩංගුවට!
රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ දැරූ ගායකයෙකු වන ෆිල්ටී ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
පානදුර, කෙසෙල්වත තක්ෂිලා පාසලේදී
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත්‍රණයකට පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයමින් සිටි ඇත.
සැ’කකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී , ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති අතර , එහිදී සැ’කකරු ස්ථානාධිපති වරයාගේ මුව ආවරණයෙන් ඇද ආ’වේගශීලිව හැසිරීම හේතුවෙන් සා’පරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.
රෝහිත අබේගුණවර්ධනගේ රැස්වීමක් අසලදී රැප් ගායක FillT අත්අඩංගුවට!
2022-02-21T14:13:00+05:30
Gossip Lanka Hot News




