gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්‍රේන ජනපති ඝාතනයට දරුණුම කුලී හේවායන් 400ක් යවයි

යුක්‍රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කියි. ඔහුු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්‍රේන ආක්‍රමණය රුසියාව සිතූ තරම් පහසු වී නැහැ.

මේ හේතුවෙන් යුක්‍රේන ජනාධිපති වරයාගේ හඬ නිහඬ කිරීම සඳහා හාරසිය දෙනෙකුගෙන් සමන්විත කුලී හමුදාවක් යුක්‍රේනය වෙත යැවීමට ක්‍රෙම්ලිනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

සාම සාකච්ඡා අතරේ මේ පිරිස් යුක්‍රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ.

වැග්නර් ගෲප් (Wagner Group) නමින් හැඳින්වෙන මෙම පුද්ගලික මිලිටරි කන්ඩායම මීට “සති පහකට පෙර” අප්‍රිකාවෙන් රුසියාව බලා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අති විශේෂ පුහුණුව ලත් ලෝ පුරා සිටින විශේෂ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත මෙම කුලී හේවායන් කණ්ඩායමට නායකත්වය දෙන්නේ රුසියානු ජනාධිපතිවරයා ගේ සමීප හිතවතකු වන රුසියානු ජාතික යෙව්ගනි ප්‍රිගොෂින් විසින්.

මෙම කන්ඩායමේ මූලික ඉලක්කය වන්නේ යුක්රේන ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු විසි තුන් දෙනෙකුගෙන් සමන් සමන්විත ඝාතන ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමයි.

යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලය ඝාතනය කිරීම් සඳහා යොදවා ඇති මෙම කුලී ඝාතකයින් වෙත මේ සඳහා අති විශාල මුදලක් ද ගෙවන බවයි වාර්තා වන්නේ.

මීට සති පහකට පමණ පෙර යුක්‍රේනය බලා ගොස් ඇති මෙම කණ්ඩායම ක්‍රෙම්ලිනයේ නියෝග ලැබෙන තෙක් බලා සිටින බව වාර්තා වනවා.

ඔවුන්ගේ ඝාතන ලයිස්තුවට යුක්රේන ජනාධිපතිවරයාට අමතරව අගමැති, සමස්ත කැබිනට් මණ්ඩලය, බොක්සිං ශූරයන් වන කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ සහ ඔහුගේ සහෝදර ව්ලැඩිමීර් දෙදෙනා ද ඇතුළත්.

කෙසේ වෙතත් මේ වන විට මෙම ඝාතන තැත යම් තරමකට දියාරු වී ඇත්තේ ව්ලඩ්මීර් පුටින්ගේ උපාය සම්බන්ධයෙන් යුක්රේනය තොරතුරු සොයා ගැනීමත් සමඟයි.

මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ රුසියානු කඩාකප්පල්කාරීන් ට යුක්‍රේනයේ වීථිවල සැරිසැරීමට ඇති ඉඩකඩ අහුරා ලමින් පැය 36 ක දැඩි ඇඳිරි නීති කාලයක් පැනවීමට යුක්රේන් බලධාරීන් තීරණය කළා.

මේ අනුව යුක්රේන අගනුවර වන කිව් සහ කාර්කිව් යන නගර වල මෙම නීතිය තදින්ම බල පැවැත් වූ අතර එය උල්ලංඝනය කරන පුද්ගලයින් සලකනු ලැබුවේ රුසියානු හිතවාදීන් ලෙසටයි.

මේ අතර තවත් වාර්තාවක් සඳහන් කරන්නේ මෙම “වැග්නර්” කුලී හේවායන් 2,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් ජනවාරි මාසයේදී යුක්රේනයට පැමිණ විවිධ මෙහෙයුම් වල නිරත වන බවයි.

ඔවුන්ගෙන් ඇතැමෙක් රටේ නැගෙනහිර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ වෙත යවන ලද අතර, සෙලෙන්ස්කිව රැගෙන යාමේ කාර්යය භාර ගත් 400 දෙනා බෙලාරුස් සිට කිව් වෙත ගමන් කර තිබෙනවා.

මෙම කණ්ඩායම ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ලුහුබඳිමින් සිටින බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් රුසියානුවන්ගේ මෙම ඝාතන සැලසුම් පිළිබඳ ආරංචිය සෙලෙන්ස්කිව බිය ගන්වන බවක් පෙනෙන්නට නැති අතර ඔහු ජාතිය ඇමතීමකදී කියා සිටියේ තමන් රුසියානු විශේෂ බලකායේ අංක එකේ දඩයම් ඉලක්කය බවයි.

එමෙන්ම සටන අත්හැරදමා වෙන රටකට පලා යන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීම සහ එයට යුක්‍රේන ජනාධිපතිවරයා දුන් ප්‍රතිචාරයත් සමඟ ඔහුගේ නායකත්වය ගති ලක්ෂණ ලොව පුරා ප්‍රචලිත වුනා.

එහිදී ඇමරිකාවට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ මේ අවස්ථාවේ මට අවශ්‍ය පළා යාමක් නොව රටට එරෙහිව නැගී සිටින සතුරා සමඟ සටන් කිරීම බවත් ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ ලබා දීමට කටයුතු කරන ලෙසත් ය.

මේ අතර මෙම කුලී හේවායින් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික බ්‍රිතාන්‍ය ඒකාබද්ධ බලකා අණදෙන නිළධාරී ජෙනරාල් ශ්‍රීමත් රිචඩ් බැරන්ස් පැවසුවේ මෙම කුලී හේවායන් හට සෙවණැල්ලේත් සැඟවී සිටිමින් සටන් කිරීමේ හැකියාවක් ඇති බවයි.

එමෙන්ම ඔවුන් අතිශයින් ප්‍රචණ්ඩකාරී මෙන්ම කෲර ලෙස ඔවුන්ගේ මෙහෙයුම් කරා යොමු වන බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු හමුදාවන්ට දැනුම්දීමටත් පෙර මෙම කුලී හේවායින්ට ඒ පිළිබඳව දැනුම් දී ඔවුන්ගේ ඉලක්ක කල්තියාම ලබා දී තිබුණු බවත් වාර්තා වනවා.

යුක්‍රේනයට එරෙහි හමුදා ක්‍රියාකාරකම් දියත් කිරීමේදී ඊට එරෙහි වූ බොහෝ රුසියානු සෙබළුන් සහ ජෙනරාල්වරුන් රහසිගතව ඝාතනය කිරීමටත් මෙම කුලී හේවායින් යොදාගෙන ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka