EXCLUSIVE : ආණ්ඩුවේ අභියෝගය බාර ගනිමින් 29 දා සල්ගාදු පිටිය පුරවන්න සජබ තීන්දු කරයි! මරික්කාර්ටයි-රෝහණටයි වැඩේ බාරදෙයි!
ආණ්ඩුව කළ අභියෝගය බාර ගනිමින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය ජනතාවගෙන් පුරවා පෙන්වීම ලබන 29 වැනි දින සිදු කිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
ඒ අනුව මාර්තු 29 වැනි දින සල්ගාදු ක්‍රීඩාංගණයේ දැවැන්ත රැලියක් පැවැත්වීමට සමගි ජන බලවේගය සැලසුම් කොට තිබේ.
මෙම රැස්වීම සංවිධාන කිරීමේ කටයුතු එස්.එම්. මරික්කාර් මහතාට පවරා ඇති අතර පිටිය වෙන් කර ගැනීමේ කටයුතු රෝහණ බණ්ඩාර මහතාට පවරා ඇත.
ඉකුත් අගහරුවාදා රාත්‍රියේ පැවැති පක්ෂයේ ඉහළ පෙළේ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇති බවද දැනගන්නට තිබේ.
EXCLUSIVE : ආණ්ඩුවේ අභියෝගය බාර ගනිමින් 29 දා සල්ගාදු පිටිය පුරවන්න සජබ තීන්දු කරයි! මරික්කාර්ටයි-රෝහණටයි වැඩේ බාරදෙයි!
2022-02-24T22:36:00+05:30
Gossip Lanka Hot News