gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Breaking News : රුසියාව යුද ප්‍රකාශ කරයි : යුක්රේනයේ පිපිරීම් රැසක් (VIDEO)

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා. 

රුසියානු ජනාධිපතිවරයා එරට වේලාවෙන් උදෑසන 5.05 ට ජාතිය අමතමින් කියා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුල විශේෂ මෙහෙයුම් දියත් කිරිමට තමන් හමුදාවන්ට නියෝග නිකුත් කළ බවයි.

තමන්ට අවශ්‍ය භුමිය අත්පත්කර ගැනීමක් නොව එහි සිටින සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරිම පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

" අවි බිම තබා ගෙදර යන්න" යැයි මෙහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්රේන හමුදා සාමාජිකයින්ට සිය කතාවේදී දැනුම් දී සිටියා.

එමෙන්ම තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දැඩි විපාක අත්විදිමට සිදුවෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රුසියානු ජනාධිපතිවරයා ජාතිය අමතා සුළු මොහොතකින් Kiev, Mariupol, Kharkiv සහ Odessa යන ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී යුක්රේන පාර්ලිමේන්තුව විසින් මසක කාලයක් සඳහා එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ලක්ෂ 02 කට ආසන්න හදිසි හමුදාවක් කැඳවනු ලැබුවා.

මිට අමතරව සියලුම යුක්රේනුවන්ට අවි දැරීමේ අවසරය ද ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානු ජනපතිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කියා සිටියේ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සිය ජනතාව සටන් වැදෙනු ඇති බවයි.

" ඔබලා පැමිණි විට අපගේ පිටුපස නොව මුහුණට මුහුණ දැකීමට හැකිවෙනු ඇති" යැයි යුක්රේන ජනපති සඳහන් කර සිටිනවා.

මේ අතර රුසියාවේ යුදමය තීරණය ගැන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අදහස් දක්වමින් කියා සිටියේ තමන් එය දැඩි සේ හෙළා දකින බවයි.

" ජනාධිපති පුටින් සැලසුම් සහගත ලෙස යුද්ධයක් තෝරා ගෙන ඇත. එය මහත් ව්‍යවසනයක් ගෙන දෙනවා පමණක් නොව ජිවිත හානි රැසක් සිදුවෙනු ඇති. මෙමගින් ඇතිවෙන සියලුම ජිවිත හානි සඳහා රුසියාව පමණක් වගකිව යුතුයි" අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka