මේවා සිදු කරන්නේ රටක් කරවන පුද්ගලයින් නෙමෙයි...මෙච්චර කාලයක් විදුලිය නොමැතිව ජනතාව අඳුරේ සිටියේ නෑ – රෝහිත අබේගුණවර්ධන
විදුලිය නොමැතිව මෙතෙක් කලක් ජනතාව අඳුරේ නොසිටි බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.
විදුලිය විසන්ධි කරන බවට SMS පණිවිඩ පැමිණියද මේවා සිදු කරන්නේ රටක් කරවන පුද්ගලයින් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
ජනවාරි මාසය වෙනකොට සාගතයක් ඇති වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා තෙල් නැතුව වාහන පාරේ නවත්වන්න වෙනවා කියලා. පැය 24 ලයිට් කපනවා කිව්වා. ඉතින් මේ වගේ නොයෙක් ඒවා කියනවා. හැබැයි මොනව කිව්වත් මේ අභියෝග මැද අපි අනිවාර්යෙන්ම මේ රටේ මිනිසුන්ට අවශ්‍ය තෙල් ටික, අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික ලබා දෙන්න, ඒ වගේම විදුලිය කප්පාදුවක් නැතිව ඉදිරියට ගෙනියන්න රජයක් විදිහට වැඩ කටයුතු කරනවා. යනුවෙන් ප්‍රකාශ කළා
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) විශේෂ කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින්.
එමෙන්ම මුදල් අමාත්‍යවරයා තෙල් වලට අවශ්‍ය මුදල් ලබාදීමට කටයුතු කරන මෙන් මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයාට උපදෙස් ලබාදුන් බව ඔහු කියා සිටියා.
මේවා සිදු කරන්නේ රටක් කරවන පුද්ගලයින් නෙමෙයි...මෙච්චර කාලයක් විදුලිය නොමැතිව ජනතාව අඳුරේ සිටියේ නෑ – රෝහිත අබේගුණවර්ධන
2022-02-23T21:45:00+05:30
Gossip Lanka Hot News





