gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුරාවිද්‍යා ගල්කනු ගැලවූ පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී - (PHOTOS)

මුලතිව් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ ඉපැරණි පුරාවිද්‍යා වටිනාකමක් ඇතැයි සැලකෙන ගල්කනු ගලවා රැගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම සංවිධායකවරයෙකුද වන හිටපු පලාත් සභා මන්ත්‍රීවරයා ඇතුලු 10 දෙනා ලබන මාර්තු මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතා නියෝග කළා.

තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ කිසියම් පිරිසක් නිධානයක් ගැනීමට උත්සහ ගන්නා බවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 64 වන පාබල සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එම මූලස්ථානයට අයත් යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ වැටලීමක් සිදුකරනු ලැබුවා.

එම වැටලීමේදී හිටපු පලාත් සභා මන්ත්‍රීවරයා ඇතුලු කාන්තාවක්ද සමගින් 10 දෙනෙකු විසින් ඉපැරණි ගල්කනු දෙකක් වැව් රක්ෂිතයේ සිට රැගෙන යාමට උත්සහ ගනිමින් සිටියදී එම පිරිස ඇතුලු වාහන අත්අඩංගුවට ගැනීමට යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගත් බව අප වාර්තාකරු පැවසුවා.

පුරාවිද්‍යා වටිනාකමක් ඇතැයි සැලකෙන අඩි 6 කට ආසන්න උසින් යුත් ගල්කනු දෙකේ පුරාණ හස්ති පා සලකුණුද පිහිටා ඇතැයි වාර්තා වනවා.

සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී කාර් රථයක්, ලොරි රථයක් සහ කුඩා දොඹකරයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාහන වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඔඩ්ඩුසුඩාන් පොලීසියට භාරදීමට පියවර ගෙන තිබුණා.

පසුව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වූ හිටපු පලාත් සභා මන්ත්‍ වරයා පොලීසියට පවසා ඇත්තේ අදාල ගල්කනු පෞරානික ඒවාද යන්න තමන් නොදන්නා බවත් එය වව්නියාව ප්‍රදේශයේ සිය සේවාව වෙනුවෙන් ඵලකයක් නිර්මානය කිරීමට රැගෙන ගිය බවටත්ය.

අත්අඩංගුවට ගත් ගල් කනු පුරාවිද්‍යා වටිනාකමක් ඇත්තේද යන්න සොයා බලන බවටත් සැකකරුවන් නිධානයක් ගොඩගැනීමට උත්සහා ‍කෙරේද යන්න පිළිබඳවත් පුළුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද ඔඩ්ඩුසුඩාන් පොලීසිය සඳහන් කළා.

ඒෂියන් මිරර්



gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka