gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශානිගේ ප්‍රකාශයේ තිබෙනවා පාස්කු ප්‍රහාරයට හමුදා බුද්ධි සේවයේ සම්බන්ධයක් තිබුණු බව - රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව ශානි අබේසේකර මහතා හෙළි කළ කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (25) ප්‍රකාශ කළේය.

ජනාධිපති කොමිසමේ වාර්තා අනුව කිහිප දෙනකුට එරෙහිව නඩු පැවරීමට යෝජනා කර තිබුණ ද පරීක්ෂණ සම්පූර්ණ කළ පසුව නඩු පවරනු ලැබුවේ හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව පමණක් බව කී වික්‍රමසිංහ මහතා අනෙක් විත්තිකරුවන් දෙදෙනා සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරනු ලැබූ බවත් කීවේය.

එමෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරයකුත් තවත් දෙදෙනකුත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තත් ඔවුන් ද දැන් නිදහස් කර තිබෙනවා. ශානි අබේසේකර මහතාගේ දිවුරුම් ප්‍රකාශයේදී මේ ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුණ බව පවසනවා.

මෙය 2019 වසරේ නොවැම්බර් මාසයට පෙරත් ශානි අබේසේකර සඳහන් කර තිබෙනවා. කරුණු සියල්ලම සලකා බැලූ විට පෙනෙන්නේ මේ පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බවයි. නිලධාරීන් අත්අඩංගුවට ගන්නෙ ඇයි? මොවුන්ට විරුද්ධව නඩු පවරන්නේ ඇයි? හෙළි කරන අලුත් කාරණා ගැන පරීක්ෂණයක් කරන්නෙ නැද්ද? මේ අලුත් කරුණු ගැන වාර්තා කිරීමට සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍යයි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ප්‍රකාශය පහතින්....


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka