සජබෙ හත් දෙනෙක් හැර සියලු දෙනා එජාපයට එනවා... නාවොත් මහ ලේකම්කම අත හරිනවා – රංගෙ බණ්ඩාර
ඉදිරි කාලයේ දී සමඟි ජන බලවේගය තුළ හත් දෙනෙක් පමණක් ඉතිරි වී සෙසු සියලු දෙනා එජාපය හා එක් වන බවත්, එසේ නොවුණ හොත් තමා පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් වන බවත් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
සමඟි ජන බලවේගය ගොඩනඟා වසර දෙකක් යන්නට මත්තෙන් දැන් ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබෙන බවත් මේ වන විට එම කණ්ඩායමේ හත් දෙනකු ජනපති අපේක්ෂකයා වීමේ සිහින දකිමින් සිටින බවත් හෙතෙම කීය.
මහනුවරදී පෙරේදා (10) පැවැති රැස්වීමකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය මහ මැතිවරණයෙන් පසු සිරිකොත අල්ලන බවත් අලියා සහ කොළ පාට ලබා ගන්නා බවත් ප්‍රකාශ කරමින් ජනතාව මුළා කර එජාප ඡන්ද සමඟි ජන බලවේගය මඟින් ඩැහැ ගත් බවත් මේ වන විට ඔවුන්ට ඡන්දය දුන් එජාප පාක්ෂිකයන් කවුද හරි යන්න තේරුම් ගෙන සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.
අද රටේ සහල්, සීනි, ඉන්ධන, ගෑස්, පොහොර, සිමෙන්ති, කිරිපිටි ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙමින් තිබෙන බවත් රටට අවශ්‍යය ඉන්ධන ගෙන්වීමටවත් ඩොලර් සොයා ගැනීමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්ව සිටින බවත් කී එජාප මහ ලේකම්වරයා මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නම් සියලු දෙනා එකතු වී ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බව ද ප්‍රකාශ කළේය.
සජබෙ හත් දෙනෙක් හැර සියලු දෙනා එජාපයට එනවා... නාවොත් මහ ලේකම්කම අත හරිනවා – රංගෙ බණ්ඩාර
2022-02-12T12:42:00+05:30
Gossip Lanka Hot News





