රාජ්‍ය සේවකයන්ගේ පඩිය 25%කින් කපයි! ගෙවපු දීමනාත් දින 10ක් ඇතුළත ගෙවන්න කියයි!
රාජ්‍ය සේවකයන්ගේ වැටුප දළ වශයෙන් සියයට විසිපහකින් පමණ කපා හැරීමේ ක්‍රියාවලියක චීනය නිරතව සිටින බව වාර්තා වේ.
ඇතැම් ප්‍රාන්තවල සිවිල් සේවකයන්ට සහ ගුරුවරුන්‍ට මේ වසරේ ජනවාරි මාසයේ දී ලබාදුන් ප්‍රසාද දීමනා යළි දින දහයක් තුළ ආපසු රජයට ගෙවන ලෙසට නියෝග කර ඇතැයි ද පැවසේ.
හෙනාන්, ෂිනැක්ෂි, ගුවන්ඩොන්ග්, හුබෙයි ඇතුළු ප්‍රාන්ත ගණනාවක වැසියන් මෙම තත්වයට මුහුණ දී ඇති බව එරට වාර්තා සදහන් කරයි.
කොරෝනා වංසගතය හමුවේ පළාත් පාලන ව්‍යහුයන්ගේ ආදායම පහළ යාම මෙම අර්බුදකාරී වාතාවරණය ඇතිවීමට මූලික හේතුව බව ද සදහන් වේ.
-මව්රට
රාජ්‍ය සේවකයන්ගේ පඩිය 25%කින් කපයි! ගෙවපු දීමනාත් දින 10ක් ඇතුළත ගෙවන්න කියයි!
2022-02-01T06:34:00+05:30
Gossip Lanka Hot News





