පාර්ලිමේන්තුව කොරෝනා තිප්පොළක් වෙයි! තවත් 25කට කොරෝනා හැදිලා!
පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා ඇතුළු එහි සේවකයන්, පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු පස් දෙනෙක්ද ඇතූලුව 25 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්්තා වේ. කොවිඩ් ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරී ඇත.
පාර්ලිමේන්තු සේවකයෝ 152 දෙනක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කර ඇති අතර මේ විසි පස් දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනාගනු ලැබ ඇත්තේ එම පරීක්ෂණවලදීය.
කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක්ද පාර්ලිමේන්තුවේ උසස් නිලධාරිනියක්ද කොවිඩ් රෝගයට පසුගිය දින කිහිපයේදී ගොදුරු වූහ.
කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46කි.
පාර්ලිමේන්තුව කොරෝනා තිප්පොළක් වෙයි! තවත් 25කට කොරෝනා හැදිලා!
2022-02-01T09:05:00+05:30
Gossip Lanka Hot News





