තම අමාත්‍යාංශයේ ලේකම් වරයා සමග ගැටුමක් ඇති කරගෙන සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සහ ජනාධිපතිවරයා අතර ඊයේ දින පැවැත්වීමට තිබූ සාකච්ඡාව ඇණමිට ඇත. ඉන් පසු රාජ්‍ය අමාත්‍යවරයා තම හිතවතුන්ට දැනුම් දී ඇත්තේ එළඹෙන ඉරිදා දින වෙන තුරු තමන් තම පාඩුවේ සිටින බවයි.
ප්‍රතිපාදන ලබා නොදීමේ ගැටලුවක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා තම ඇමති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබූ අතර පෞද්ගලික කාර්ය මණ්ලයටද දැනුම් දී තිබුනේ බඩු බාහිරාදිය ඉවත් කර ගන්නා ලෙසයි.
එම තත්වය මත ජනාධිපති ලේකම්වරයා මැදිහත්වී ජනාධිපතිවරයා සමග ඊයේ දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි.
