පසුගිය වර්ෂය තුළ සෑම අංශයකින්ම පසු පසින් සිටින ශ්‍රී ලංකාවට එක් අංශයකින් ප්‍රමුඛතාවය ලැබී තිබෙනවා.
2021 ශ්‍රේණිගත කිරීම්
2021 වසරේ දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් මේ වන විට ප්‍රසිද්ධ කොට තිබෙනවා.
ඒ සඳහා රටවල් 180ක දූෂිත සිද්ධීන් ගැන දත්ත විශ්ලේෂණයකට ලක් කොට තිබෙනවා.
ඒ රටවල් 180 අතුරින් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 102 වැනි තැනයි.
2020 හිටපු තැන
එය 2020 වසරට වඩා ස්ථාන 8 කින් පසුපසට යෑමක්.
2020 වර්ෂයේ ශ්‍රී ලංකාව සිටියේ 94 වැනි ස්ථානයේ.
නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව අසල්වැසි කලාපීය රටවල් වල ඉන්දියාව, මාලදිවයින හා භූතානය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනවා.
සැලකිල්ලට ගන්නා නිර්නායකයන්
එම දර්ශකයට අනුව ලකුණු 100 ගන්නා රාජ්‍යය දූෂණයෙන් තොර රාජ්‍ය ලෙසයි හැඳින්වෙන්නේ.
ලකුණු බිංදුව ලබා ගන්නා රටවල් අන්ත දූෂිත රටවල් ලෙසයි සැලකෙන්නේ.
ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ ලකුණු 37 ක්.
මෙම දර්ශකය ඉදිරිපත් කර තිබෙන්නේ ට්‍රන්ස්පෙර්න්සි ඉන්ටනැසන්ස්ල් (TRANSPARENCEY INTERNATIONAL) ආයතනය විසින්.
