මැති ඇමති ඥාතීන් පසුපස බුද්ධි අංශ දමයි! පිස්සු නැටුවොත් ඇමතිගේ ධුරය ඉවතට!
මැති ඇමතිවරුන්ගේ දරුවන් හෝ ළඟම ඥාතීන් විසින් රජයේ වාහන ඇතුළු දේපළ අයථා ලෙස භාවිතා කරන්නේදැයි සොයා බැලීම සඳහා බුද්ධි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. එසේ භාවිතා කිරීමක් හෝ ඒවා භාවිතා කරමින් විවිධ කටයුතු වල යෙදීමක් ඇතුළු නීති විරෝධී කටයුතු යෙදුනහොත් අදාල අමාත්‍යවරයාගේ ඇමැතිධුරය ඉවත් කිරීමට තීරණය කර තිබේ.
පසුගිය වසරේ දී මෙවන් සිදුවීම් තිස් හතරක් වාර්තා වී ඇති බවද පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මැති ඇමතිවරුන්ගේ ඥාති දූ පුතුන් ඥාතීන් ඇතුළු පිරිස් රජයේ වාහන හෝ වෙනත් දේපළ අයථා අන්දමින් භාවිතා කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස දැනටමත් රජයේ බුද්ධි අංශයට දැනුම් දී ඇති අතර මේ වන විටත් එවන් මැති ඇමතිවරුන්ගේ ඥාතීන් දාසය දෙනෙකු පිළිබඳව බුද්ධි අංශ කරුණු රජයට වාර්තා කර තිබේ.
නිල නොවන ආකාරයකට එවන් දෙපලක් අයථා ලෙස භාවිතා කරන්නේ යැයි තහවුරු හොත් පළමුව එම ඇමතිවරයාට ඒ බව දැනුම් දීමටත් දෙවනුව ඇමති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.
-Lankacnews
මැති ඇමති ඥාතීන් පසුපස බුද්ධි අංශ දමයි! පිස්සු නැටුවොත් ඇමතිගේ ධුරය ඉවතට!
2022-02-12T17:23:00+05:30
Gossip Lanka Hot News





