එල්.ටී.ටී.ඊ.යට එරෙහිව කළ යුද්ධයේදී කළු වෙළෙඳපොළේ ඩොලර් යොදා විදේශවලින් ආයුධ මිලදී ගත් බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මාධ්‍යට කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික සංවිධානවල හා තානාපති කාර්යාල රැසක දැඩි අවධානය යොමු වී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් ඇමතිවරයා කළ එම ප්‍රකාශයෙන් ජාත්‍යන්තර සංග්‍රාම ප්‍රමිති හා මානව හිමිකම් වටිනාකම් සම්බන්ධයෙන් හටගෙන ඇතැයි කියන විවාදාපන්න කරුණු මත මෙම අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
යුද්ධය උත්සන්න අවස්ථාවක බුෂ් මාස්ටර් නමැති ගිනි අවියට පතුරම් මිල දී ගැනීමටත් උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමටත් නීත්‍යනුකූල නොවන වෙළෙඳපොළේ ඩොලර් භාවිත කළ බවට මුදල් ඇමතිවරයා පසුගිය දිනෙක මාධ්‍යට ප්‍රකාශයක් කළ අතර එයට දේශපාලන පක්ෂ හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මට්ටමින් කෙරුණු මෙම විරෝධය පළකිරීම් හා ප්‍රශ්න කිරීම් ගැනද එකී අන්තර්ජාතික සංවිධානවල හා තානාපති කාර්යාලවල අවධානය යොමුව ඇත.
ඒ අනුව, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කළ යුතු බවට එකී අන්තර්ජාතික සංවිධාන හා තානාපති කාර්යාල අභ්‍යන්තර මට්ටමින් සාකච්ඡාවට ගෙන ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු පැවැසුවේ මුදල් ඇමතිවරයා ඒ තරම් සැලකිල්ලට නොගෙන අදාළ ප්‍රකාශය කළ බව පෙනී ගියත් එය ජාත්‍යන්තරයේ බරපතළ අවධානයට ලක්ව ඇති බවයි.
ඉදිරියේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවලදී අනිවාර්යයෙන් ම මෙම කරුණ ආන්‍ෙදෝලනයට තුඩු දෙන මාතෘකාවක් බවට පත්වනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවැසුවේ, මුදල් ඇමතිවරයා කළ ප්‍රකාශය නිසැකයෙන් ම අන්තර්ජාතික මූල්‍ය සංවිධානවල අවධානයට යොමු වනු ඇති බවයි.
විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් ජනගත වීම අන්තර්ජාතික ආධාරවලට බලපානු ඇතැයි ආචාර්ය දුනුසිංහ අවධාරණය කළේ ය.
කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශය පසුගිය 1 වන දා මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළේ ය.
එල්.ටී.ටී.ඊ.යට එරෙහිව කළ යුද්ධයේදී කළු වෙළෙඳපොළේ ඩොලර් යොදා විදේශවලින් ආයුධ මිලදී ගත් බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මාධ්‍යට ප්‍රකාශයක් නොකළ බවට විදේශ ඇමති ජී.එල්. පීරිස් ප්‍රකාශ කරන බව එහි සඳහන්ව තිබිණි.
විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගෙන් මේ ගැන විමසීමෙන් අනතුරුව නිවේදනය නිකුත් කළ බව ද එහි සඳහන්ව තිබිණි.
මව්බිම
