කෑම ගේන්න ඩොලර් නෑ.. විකල්ප ක‍්‍රම හොයන්න කැබිනට් අනු කමිටු පත් කරයි
ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදයෙන් මත අත්‍යවශ්‍ය ආහාර හා කර්මාන්ත අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වන විකල්ප ක්‍රමවේද හඳුනා ගැනීමටත් ඒවා සපයන රටවල් සමග සාකච්ඡා කිරීමටත් අනු කමිටු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව චීනය, ජපානය සහ මැදපෙරදිග රටවල් සමග සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටු පත්කොට ඇත.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ භාණ්ඩ ආනයනය කිරීමට විකල්ප ක්‍රමවේද හඳුනා ගැනීමේ අවශ්‍යතාවය මත මෙම තීරණය ගෙන ඇති බවයි.
කෑම ගේන්න ඩොලර් නෑ.. විකල්ප ක‍්‍රම හොයන්න කැබිනට් අනු කමිටු පත් කරයි
2022-02-16T16:33:00+05:30
Gossip Lanka Hot News




