අපි ලෙවකන හැටි ලෝක ආහාර සංවිධානයත් දැකලා!
ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම නිසා ලංකාවේ පවුල්වලින් බහුතරය පෝෂණ ගුණයෙන් අඩු, ලාබදායී ආහාර වෙත යොමුවෙමින් පවතින බවත් එය විවිධ රෝග සඳහා හේතු වනු ඇති බවත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි.
එම සංවිධානය මගින් පසුගිය ජනවාරි 26දා නිකුත් කරන ලද පූර්ව අවදානම් තත්ත්ව පිළිබඳ ගෝලීය වාර්තාවට අනුව ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය, ඉන්ධන සහ පොහොර ගැටලු මෙන්ම ආහාර සැපයුම පිළිබඳ ගැටලු ද මේ සඳහා හේතු වී ඇති බව පැවසේ
මේ නිසා අඩු කැලරි ප්‍රමාණයක් ඇති ආහාර භාවිතය මෙරට ප්‍රජාව අතර වේගයෙන් ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසයි.
ලංකාවේ ප්‍රධාන ආහාරය වන බත් සඳහා වන මිල සහල් මිල ඉහළ යෑම හේතුවෙන් ඉහල යාමද මේ සඳහා බරපතළ ලෙස බලපා ඇති බව පැවසෙන අතැ පෙර වසරවලට සාපේක්ෂව සහල් මිලේ ඉහළ යෑම දෙගුණ වී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
අපි ලෙවකන හැටි ලෝක ආහාර සංවිධානයත් දැකලා!
2022-02-14T08:26:00+05:30
Gossip Lanka Hot News





