අධිකරණය ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගනී! හෙද වැඩ වර්ජනයට තහනම් නියෝගයක්!
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත. වෘත්තීය සමිති කිහිපයක් දියත් කර ඇති වැඩවර්ජනය නිසා රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව මුහුණ පා ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබඳ නීතිපතිවරයා අධිකරණය හමුවේ අද කරුණු දක්වා තිබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපතිවරයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිගත් කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම වැඩවර්ජනය නිසා රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් මෙන් ම බාහිර රෝගී අංශය සඳහා පැමිණි පිරිස් ද දැඩි අපහසුතාවට පත්විය.
අධිකරණය ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගනී! හෙද වැඩ වර්ජනයට තහනම් නියෝගයක්!
2022-02-11T07:19:00+05:30
Gossip Lanka Hot News




