gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය මෛත‍්‍රිගෙන්! ආරාධනය බෑන් කී මූන්ගෙන්!

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබෙනවා.

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා පෙබරවාරි මස 08 වන දින අලුයම කොරියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටින බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

ආසියානු කලාපය තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ රාජ්‍ය නායකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ගෞරවාදරයට පත් මෛත්‍රිපාල සිරිසේන මහතා හට පෞද්ගලිකව මෙම ආරාධනය කර තිබෙනවා.

රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් ගණනාවක් සහභාගිවන මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ වත්මන් අමාත්‍යවරු කිහිපදෙනෙකුට ආරාධනා ලැබී තිබෙන අතර එම සමුළුවට සහභාගි වන සෙසු අමාත්‍යවරු පිළිබඳව මෙතෙක් නිල තහවුරු කරගැනීමක් සිදු කර නැත.

කෙසේ වෙතත් පසුගිය වසරේ ද ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමය පිළිබඳව තවත් සමුළුවක් සඳහා ජපන් රජය හිටපු ජනාධිපතිතුමාට ඇරයුම් ලැබුණු අතර කොරෝනා වසංගතය හමුවේ ජපානයට සංචාරය නොකොට zoom තාක්ෂණය ඔස්සේ එම සමුළුව මෛත්‍රී ජනාධිපතිතුමා අමතන ලදී.

කොරියාවේ පැවැත්වෙන 2022 සාමය පිළිබඳව ලෝක සමුළුව ඇමතීමට සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු මුණගැසීමට මෙම සංචාරය අතරතුර දී බලාපොරොත්තුවෙන් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කර සිටියේ. පෙබරවාරි මස 8 වැනිදා පිටත්ව යන හිටපු ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි.

– media unit


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka