මාතර නගරාධිපති රංජිත් යසරත්න මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව "අරුණ" පුවත්පත වාර්තා කර ඇත.
ඒ මහනගර සභා සතු ඉඩම් හෝ දේපොළ විකිණීමට හෝ බදු දීමට පෙර ජනාධිපතිවරයාගේ ලිඛිත අවසරයක් ලබා ගත යුතුව තිබියදී එහි නගරාධිපති මාතර මහ නගර සභාව සතු කොටවිලවත්ත නමැති ඉඩමෙන් අක්කර 5ක බිම් කොටසක් පෞද්ගලික සමාගමක් වෙත බදු දීමට තීරණය කිරීම නිසාය.
මහනගර සභා ආඥා පනත අනුව සභාවක් සතු ඉඩමක් හෝ දේපොළක් බදු ලබාදීමට ජනාධිපතිවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බව දකුණු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා ද මාධ්‍යට පවසා ඇත.
එහෙත් එසේ කරන ලද බව තමා වෙත වාචිකව හෝ ලිඛිතව මාතර නගරාධිපතිවරයා දැනුම් දී නොමැති බවද ඔහු කියා සිටී.
මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 21 වැනිදා රැස් වූ මුදල් හා ප්‍රතිපත්ති පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.
එහි සාමාජිකයන් 5 දෙනාගෙන් දෙදෙනකු ස.ජ.බ. නාගරික මන්ත්‍රීවරුන් වන අතර ඔවුන් ද එම යෝජනාවට පක්ෂව නගරාධිපතිවරයා සමග එකඟතාවය පළකොට ඇතැයි පැවසේ.
මේ අතර, මහනගර සභා ආඥාපනතට පටහැනිව නගරාධිපතිවරයාට නොමැති බලයක් ආදේශ කරගනිමින් නීතියට පටහැනිව ගන්නා ලද තීරණයක් බැවින් එම බදුදීම වහාම නතර කරන ලෙස නගරාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එහි විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා මාධ්‍යට පවසා තිබේ.
