gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිතුමා අති සාර්ථකයි.. අපි ලෝකෙන්ම තුන්වැනියා.. ඊළග ඡන්දෙදි 69 ලක්‍ෂය අඬවලා පෙන්වනවා - ජොන්ස්ටන් ප්‍රනාන්දු

‘අපි කරපු වැඩ කිය කිය අඬබෙර ගහන්න යන්නේ නැහැ. අපිට තව කලයුතු වැඩ බොහොමයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මේ රට අලුත් විදියට හදන්නල වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පල කලේ කුරුණෑගල ප්‍රාදේශීය සභා නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
හෙතෙම එහිදී මෙසේද පැවසීය.

‘පුර නැගුම හරහා තමා මේ ගොඩනැගිලි බිහි වුණේ. හර්ෂ ද සිල්වා රට ජනවාරිවල වැටෙනවයි කිව්වා. ඔහු ජනවාරි ලයිව් එනවා කිව්වා. රට ඉවරයි කිව්වා. රට බංකොලොත් වෙයි කිව්වා. නමුත්  අපි වැඩසටහන් ලක්ෂයක් හෙට දවසේ අපි ආරම්භ කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මේ රට අලුත් විදියට හදන්න වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට යුධ අභියෝග ආවා වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දැවැන්ත අභියෝගයක් පැමිණියා. එය සුළුපටු අභියෝගයක් නෙවෙයි. අපි ඒ අභියෝගයෙන් ජයග්‍රහණය කෙරුවා. ඒ ගැන අපි සතුටු විය යුතුයි. විපක්ෂය කකුලෙන් අදිද්දී , එන්නත ගේන්න බැහැ කියලා කිව්වා. එන්නත ගෙනාපුවහම මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා  කිව්වා. සමාජ ජාලා වලින් ප්‍රචාර ගෙන ගියා එන්නත ලබාගන්න එපා කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධීපතිතුමා හැම වෙලාවෙම කිව්වේ එන්නත ලබා ගන්න කියලා. විපක්ෂය එන්නතට අගෞරව කෙරුවා. එන්නතින් ගසා කෑවා කිව්වා. ලාභ දේවල් ගණන් වැඩියෙන් ගේනවා කියලා මඩ ගැහුවා. ඔක්සිජන් නෑ කිව්වා, ඇදවල් නෑ කිව්වා.. රජය මැදිහත් වී  ඇදවල් 20,000 හැදුවා වගේම අවශ්‍ය කරන ඔක්ෂීජන් ගෙනත් ජනතාව ආරක්ෂා කෙරුවා.

ඉස්සල්ලාම කුරුණෑගලින් තමයි අහන්න ලැබුණේ කොවිඩ් හැදිලා මනුස්සයෙක් මැරිලා කියලා.  නගරාධිපතිතුමාට මම කතා කරලා කිව්වා ඉක්මනින් ගිහින් බලන්න කියලා. බලන කොට ඒක අමූලික බොරුවක්. හිටපු අමාත්‍ය අසෝක අබේසිංහ මැතිතුමා තමයි ඒක කෙරුවේ ජනතාව බය කරන්න. දේශපාලනඥයෙක් මොන පක්ෂයේ වුණත් ජනතාව බේරාගත යුතුයි. ඡන්ද කාලයේ දී බෙදී වැඩ කරාට මෙවන් කාලයක දී ජනතාවගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. නමුත් ඔවුන්  ඒ වෙනුවට සිදු කළේ බොරු කටකථා පතුරුවා මඩ ගැසීමයි.

මම පළාත් පාලන අධ්‍යක්ෂකට කතා කළා. සභාපතිතුමන්ලාට පණිවිඩ දුන්නා. වහාම පෙබරවාරි මස අවසන් වෙන්න කලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බූස්ටර් එන්නත්කරණය ආරම්භ කරලා රජයට අපේ සහයෝගය ලබා දෙන්න කියලා. අපි අපේ වගකීම ඉටු කරනවා.  නොයෙකුත් අසත්‍ය ප්‍රචාර යවනවා බූස්ටර් එන්නත ගත්තොත් මැරෙයි, වෙනත් ප්‍රශ්න ඇතිවෙයි කියලා .  මොන තරම් පහර දීම් ,  අසත්‍ය ප්‍රචාර ගෙන ගියත් අපිට ඒවා ප්‍රශ්න නෙවෙයි. අපිට තියෙන අභියෝගය තමයි කොවිඩ් වසංගතයෙන් මේ රටේ ජනතාව බේරගන්න එක. ජනාධිපතිතුමා අති සාර්ථකයි. මුළු ලෝකයෙන්ම එන්නත්කරණය අතින් අපේ රට තුන්වෙනියට පත්වෙලා තියෙනවා.  අපි එයට ගරු කළ යුතුයි. එන්නත හොද නැහැයි කියපු ප්‍රේමදාස මහත්මයාත් එන්නත ලබා ගත්තා. අනුර දිසානායක මහත්තයායි, ප්‍රේමදාස මහත්මයායි කරපු එක නරක දෙයක් තමයි එතුමන්ලාගේ අනුගාමිකයන්ට එන්නත ලබා ගන්න නොකියපු එක. වැදගත් දේශපාලඥයින් එහෙම කරන්නේ නැහැ. එනිසා අපිට මේවා අමතක කරන්න බැහැ.

අපිට තිබෙන ඊලග අභියෝගය තමයි ආර්ථිකය.  යුඇන්පියයි, ජෙවිපියයි පෙන්නන්න හදන්නේ මහින්ද මහත්තයා ණය ගත්ත නිසා මෙම ආර්ථික අර්බුදය ඇවිත් තියෙන්නේ කියලා. ප්‍රේමදාස මහත්මයාගේ දුර්වලකම් නිසා අනුර දිසානායක මහත්තයා ගමට යන්න පටන් ගත්තා.  එයා කියනවා   69 ලක්ෂය අඩනවාලු. අපි පෙන්වන්නම් 69 ලක්ෂය අඩන හැටි මැතිවරණය නැවත පැමිණියාම. ඒ නිසා මේ වගේ අභියෝගවලට අපිට මුහුණ දීලා පුරුදුයි. ආණ්ඩු කරලා , අපිව බොරුවට හිරගෙවල් වලට දැම්මා. අපි  හිර ගෙවල්වල ඉදලා හොදට පලපුරුද්ද ඇතිව හොද පන්නරයක් ලබපු අය . අපි අනවශ්‍ය ලෙස මේ කාලපරිච්ඡේදය තුළ දේශපාලනය කරන්න ගියේ නැහැ. හැම වෙලාවකදීම කෙරුවේ ජනතාව ආරක්ෂා කරන්නේ කොහොම ද කියලා. මිනිසුන්ව පාරට බස්සන්නේ නැතිව රැකගන්නේ කොහොමද කියන එක තමයි හැම වෙලාවේදීම බැලුවේ. අපිට පක්ෂ අදාල වුණේ නැහැ. අපේ ජනාධිපතිතුමන්ගේ බලාපොරොත්තුව වුණේ පක්ෂ භේදයක් නැතිව මුළු ජනතාවම රැක ගැනීමයි.

අපි මැතිවරණ ඉස්සරහට දමාගෙන වැඩ කරන්නේ නැහැ. ජනතාවට වුණු පොරොන්දු  අපි ඉෂ්ඨ කරමින් ඉන්නවා. මේ රට හදන ,  දියුණු කරන්න වගේම තරුණ තරුණියන්ට රැකි රක්ෂා දෙන වැඩපිළිවෙලත් උපාධීධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලත් මේ කොවිඩ් අර්බුදය තිබියදිත් අපි ක්‍රියාත්මක කළා.  වොක්ස්ගන් කර්මාන්ත ශාලාවල ජනතාවට  පෙන්නලා යහපාලන ආණ්ඩුව වගේ ජනතාවට බොරු කෙරුවේ නැහැ. මොනතරම් අමාරුකම් තිබුණත් කල යුතු වැඩ අපේ රජය නොපිරිහෙලා ඉටු කරනවා. අපේ ප්‍රතිපත්තියේ තිබූ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව විසදන්න කටයුතු කලා. ඒක  විසදනවා කියලා දැන දැනත් විපක්ෂය අහිංසක මිනිසුන්ව පාරට බස්සලා ඔවුනගේ  ජිවීත බිල්ලට දෙන්න කටයුතු කලා. අපි කරපු වැඩ කිය කිය අඬබෙර ගහන්න යන්නේ නැහැ. අපිට තව කලයුතු වැඩ බොහෝමයක් තිබෙනවා. මොනතරම් ප්‍රශ්න තිබුනත් ජනතාව එක්ක එකට හිටගෙන ජනතාවගේ ප්‍රශ්න විසදලා මේ තාවකාලික අර්බුද වලින් ඉතා ඉක්මනින් ගොඩ එන්න අපේ රජයට හැකි වෙන බව මට විශ්වාසයි’

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka