gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩාර්ලි පාරේ ලෙන් දොර කැඩෙයි: ජීවන් නව ලංකා නිදහස් පක්ෂයට යයි

හිටපු අමාත්‍යවරයෙකු වූ ජීවන් කුමාරතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ සමඟම ඔහු පක්ෂය තුළ දැරූ තනතුරුවලින්ද ඉල්ලා අස් වී තිබෙනවා.

ඉවත් වීමට හේතු

කුමාරතුංග මහතා වසර 35ක කාලයක් ශ්‍රී.ල.නි.පයේ ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ලෙස වැඩ කටයුතු කළා.

ඔහු ශ්‍රීලනිපයෙන් ඉවත් වීමට බලපෑ හේතු දෙකක් පෙන්වා දෙනවා.

ඉන් එකක් ශ්‍රී.ල.නි.පය තුළ ඇති වී තිබෙන කුමාරතුංග භීතිකාවයි.

දෙවැන්න ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවේ කොටස්කාර පාර්ශවයක් ලෙස සිටිමින් රැවුළයි කැඳයි දෙකම බේරා ගැනීමේ දෙබිඩි පිළිවෙතක නිරතව සිටීමයි.

පංච මහා බලවේගය

මේ වන විට ශ්‍රී.ල.නි.පයේ හදවත බඳු පංච මහා බලවේගය අයිතීන් වෙනුවෙන් මහ පාරට බැස සටන් කරද්දී ශ්‍රී.ල.නි.පයේ වත්මන් නායකත්වය එම අරගලවලට සහාය දීම පැත්තක තබා ආණ්ඩුව රකින බව කුමාරතුංග මහතා අනාවරණය කරනවා.

ශ්‍රී.ල.නි.පයෙන් ඉවත් වන තමා කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන අලුතින්ම ලියාපදිංචි කළ නව ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වන බවයි කුමාරතුංග මහතා හෙළිදරව් කරන්නේ.

නුදුරු අනාගතයේදී ශ්‍රී.ල.නි.පයේ පමණක් නොව වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස් මෙන්ම විපක්ෂයේ බලවේග නව ලංකා නිදහස් පක්ෂය සමග එකතු වීමට නියමිත බවත් ඔහු සඳහන් කරනවා.

හිටපු ජනපතිනිය

කුමාරතුංග මහතා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ඉතා සමීප තැනැත්තෙක්.

ඔහු කුමාරතුංග මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ අභාවප්‍රාප්ත ජනකාන්ත සිනමා නළු විජය කුමාරතුංග මහතාගේ සොහොයුරාගේ (සිඩ්නි කුමාරතුංග මහතා) පුත්‍රයායි.

කුමාර වෙල්ගම මහතා පිහිටවූ නව ලංකා නිදහස් පක්ෂය පිටුපස සිටින බලවේගය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව ප්‍රසිද්ධ කරුණක්.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka