ජන්දයකින් දිනපු ජේ.ආර්.ගෙ මුනුපුරාට මන්ත්‍රී තාත්තයි දුවයි මිරිස් කුඩු සමග බිත්තර ප්‍රහාරයක් එල්ල කරයි!
කොළඹ මහා නගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධුරය සදහා සභාපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම කොළඹ මහ නගර සභාවේදී අද සිදු කෙරුණු අතර එහිදී සභාපති ධුරය සදහා තරග වැදුණු හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන බිත්තර සහ මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී ඇත.
ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න එම ධූරයට තරග කළ අතර එහිදී වැඩි ඡන්දයෙන් එම ධුරයට තේරි පත් වූයේ ප්‍රදීප් ජයවර්ධනය.
එම පත් කිරීමට විරෝධය දක්වමින් සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයා පිහියක් රැගෙන ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා පහර එල්ල කිරීම උත්සහ කර ඇති බවද වාර්තා වේ.
සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය වන සුරේඛා අබේගුණරත්න ද කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් වන අතර ඇයද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට බිත්තර, මිරිස් කුඩු කහ කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇත.
අනතුරුව මෙම මොවුන් දෙදෙනා අසභ්‍ය වචන භාවිත කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවද වාර්තා වේ.
සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය එල්ල කළ බිත්තර , මිරිස් කුඩු සහ කහ කඩු ප්‍රහාරයෙන් ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ කමිසයේද විසිරී තිබිණ.
මෙම සිද්ධිය පිළිබද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා කුරුදුවත්ත පොලිසියටද පැමිණිලි කර ඇත.
ජන්දයකින් දිනපු ජේ.ආර්.ගෙ මුනුපුරාට මන්ත්‍රී තාත්තයි දුවයි මිරිස් කුඩු සමග බිත්තර ප්‍රහාරයක් එල්ල කරයි!
2022-02-01T06:51:00+05:30
Gossip Lanka Hot News





