gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ සියලු චෝදනාවලින් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්!

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ව ඔහුට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියම කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔහුට එරෙහිව ගොනුකර තිබුණි.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොටස් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුනි.

දීර්ඝ නඩු විභාගයකින්  අනතුරුවය නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරුවරු විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළහ.

මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයාට ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බව විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා නියෝගය ප්‍රකාශයට පත්කරමින් පැවසීය.

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ තීරණ ගැනීම අතින් විත්තිකරු අසරණ තත්ත්වයක පසුවූ බව සාක්ෂිවලින් පෙනීයන බවය.

සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීයා සිය වගකීම ඉටුකිරීම පැහැරහැර එහි වගකීම ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට ක්‍රියාකර ඇති බව පෙනී යන්නේ යැයි ද පටබැඳීගේ විනිසුරුවරයා පැවසීය.

ඔහු අත් අඩංගුවට ගැනීමට උපදෙස්දීම පවා ගැටලු සහගත බවත් විනිසුරු පටබැඳිගේ සඳහන් කළේය.

2019 වසරේ අප්‍රේල් මස 07 වනදා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා 855ක් එල්ලකරමින් මෙම නඩුව ගොනුකර තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka