චමුදිතට ආරක්‍ෂව දෙන්නැයි අධිකරණය නියෝග කරයි
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ආරක්ෂාව සපයන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කොට තිබේ.
තම ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණයට අයදුම්පතක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
චමුදිත සමරවික්‍රම මහතා ගිහින් නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයට බී වාර්තාවක් ගොනුකර ඇත.
එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිසිය විසින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ වන විට පොලීසිය විසින් ප්‍රහාරක කණ්ඩායමක් පලා ගිය මග දෙපස කැමරා දර්ශන සියයකට වැඩි පිරිසක් පරීක්ෂණයට ලක්කර තිබෙන ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ද බාරදී ඇත.
චමුදිතට ආරක්‍ෂව දෙන්නැයි අධිකරණය නියෝග කරයි
2022-02-18T14:56:00+05:30
Gossip Lanka Hot News




