අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ අද වතිකානුවේ ද පාප් වහන්සේ මුණගැසී තිබේ.
වසර තුනක් තිස්සේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කරුණු දැක්වීමට අවශ්‍ය බවට පාප් වහන්සේ හමුවේ අගරදගුරු හිමිපාණෝ පැවසූ බවට කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා පැවැසූහ.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පාප්වහන්සේ සමඟ සාකච්ඡා කොට ගන්නා බව ද සිරිල් ගාමිණී පියතුමා කියා සිටී.
ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති නමුත් මෙම පියවර ගැනීමට පෙළඹුණේ ද වසර තුනක් ම රජයෙන් ඉල්ලා සිටී යුක්තිය ඉටු නොවීම නිසා බවද සිරිල් ගාමිණී පියතුමා කීය.
අවම වශයෙන් දැනට පවතින විමර්ශන වාර්තාවල නිර්දේශ හෝ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද සිරිල් ගාමිණී පියතුමා සිහිපත් කර සිටී.
මෙම ගැටලුව ජාත්‍යන්තරයට ගෙන ගියහොත් රජයට යම් යම් ප්‍රශ්නවලට රටක් වශයෙන් මුහුණ දීමට සිදුවිය හැකි බව පවසන සිරිල් ගාමිණී පියතුමා එවැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බවට තේරුම් ගෙන ඊට අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බව ද ආණ්ඩුව වෙත අවධාරණය කර සිටී.
එහෙත් රජය ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොවීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී ඇති බව ද සිරිල් ගාමිණි පියතුමා සඳහන් කළේය.
අතිඋතුම් පාප්වහන්සේ සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හමුව අද පෙරවරු 11ට පමණ සිදුව ඇත.
