gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවෙන් තඩි බෝට්ටු එනවා.. අන්ත අසරන අපේ ධීවරයන් පැන දුවනවා..- ධිවර ඇමති

උතුරු මුහුදට ඉන්දියානු ධීවරයන් පැමිණෙන විශාල බෝට්ටු වලට ශ්‍රී ලංකාවේ ධිවරයන් බියට පත් වී සිටින බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.
එම බෝට්ටුවල එන්ජින් ධාරිතාව ඉතා ඉහළ බවත් ශ්‍රී ලාංකිකයන්ගේ බෝට්ටු ගිල්වා දැමීමට එහි හැකියාව ඇති බවත් ඔහු පැවසීය.

ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා නිසා අපේ ධීවරයන්ගේ මුහුදු ආම්පන්න, බෝට්ටු පවා විනාශ වෙනවා. මේ නිසා ධීවර ප්‍රජාවට ජීවනෝපාය කර ගන්න බැරි තරම් ඔවුන් පීඩාවට පත් වෙලා.

ඉන්දියාවෙන් එන බෝට්ටු අපේ ධීවර පිරිස පාවිච්චි කරන බෝට්ටුවලට වඩා දැවැන්තයි. ඒවගේ අශ්ව බලවේගයත් වැඩියි. ඒ නිසා අපේ ධීවර බෝට්ටු ඒ සමීපයට යන්නත් බයයි. ඉන්දියානු ධීවරයන්ට තමන්ගේ බෝට්ටු යොදාගෙන අපේ ධීවරයන්ගේ බෝට්ටු ගිල්වලා විනාශකරලා දාන්න වුණත් හැකියාව තියෙනවා. දැන් ඉන්දියානු බෝට්ටු දකිද්දී අපේ ධීවරයන් ආපසු හැරිල එන මට්ටමට ම තත්ත්වය දරුණු වෙලා තියෙන්නේ.

ඉන්දියානු ධීවර කම්‍කරුවන් ධීවර කර්මාන්තයේ යෙදෙන්න ට්‍රෝලර් යාත්‍රා යොදා ගන්නවා. ඒ බෝට්ටුවල පතුලේ සවිකරන රේල් පීලි වගේ යකඩ තහඩුවලට ධීවර දැල් සවි කරලා ඒවා මුහුදු පතුල දිගේ ඇද ගෙන යාම සිද්ධ වෙනවා. මේ ක්‍රමය බොටම් ට්‍රෝලින් ලෙස හඳුන්වනවා.

බොටම් ට්‍රෝලින් නිසා සම්පූර්ණයෙන්ම මුහුදු පතුලේ තියෙන කොරල් පර, මුහුදු ශාක වගේ සම්පත් විනාශ වෙනවා. ඔවුන් යොදාගන්නා මේ විනාශකාරී ක්‍රමවේදය නිසා දැන් ඉන්දියානු මුහුදු කලාපය විනාශ වෙලා ඉවරයි. ඒ කියන්නේ දැන් ඒ කලාපයේ මසුන් නෑ. ඒ නිසා ඔවුන් කරන්නේ අපේ සීමාව ආක්‍රමණය කිරීම. ඉන්දියානු ධීවරයන් ඔවුන්ගේ මුහුදු සීමාවේ තියෙන සම්පත් විනාශ කරලා දාලා දැන් අපේ සීමාවටත් ඇතුළු වෙලා අපේ මුහුදු සම්පත් විනාශ කරමින් සිටිනවා.

මේ වගේ ගැටලුවට ලංකාව වගේම තවත් කුඩා රටවල් බොහෝමයක් මුහුණ දෙනවා. බලවත් රටවල් කුඩා රටවල්වලට ගිහින් මේ විදිහට සම්පත් සූරාකෑමේ ගැටලුවක් ඇතිවෙලා තියෙනවා.

නමුත් මෙතැනදි අපි නොදැක්කා සේ ඉන්නෙ නැහැ. අපේ මුහුදු සම්පත් විනාශ වීම සහ ධීවර ජනතාවගේ රැකියාව පිළිබඳ ගැටලු ඇතිවීම යන ප්‍රශ්න දෙකම ඇති වෙලා තියෙන නිසා මේ ප්‍රශ්නය නවත්වන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනාධිපතිතුමන් නාවික හමුදාවට උපදෙස් දීලා තියෙනවා. මේ ප්‍රශ්නයට නාවික හමුදාව හැකි උපරිමයෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka