gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මතක තියාගං ලංසා.. මං උඹට ගහනවා.. ආයෙ කියන්නෑ..- සනත් නිශාන්තගෙන් ලන්සාට තර්ජන… (AUDIO)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට ඉතා පහත් ලෙස බැණ වදින් හඩ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගනිමින් ක‍්‍රියාත්මක කරන පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කිහිපයක් නතර කරන ලෙස ඔහු එහිදී කියා සිටී.
එකී හඬ පටයේ සංවාදය මෙසේය.

‘ඔයා ෆෝන් කට් කෙරුවට කමක් නෑ. මගේ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එවුන්ට කියලා පාරවල් හදවලා අපේ පාරවල් සේරම නතර කරලා. මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. කුඩු පට්ටම් වෙන්න ගහනවා. මම උඹට ආයෙ කියන්නෙ නෑ නිමල් ලන්සා මම ආයෙ කියන්නෙ නෑ මතක තියාගනින්ග උඹට මං කියන එක අහගෙන ඉන්න බෑනෙ.

හෙට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනන්ද සරත් කුමාර පාරකට මුල් ගලක් තියෙනවා. රනවරාපිටිය නවත්වනවා නම් නවත්වපන්. හෙට ඒක තිබ්බොත් මම හවස මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. මතක තියාගනින්. මම ආයෙ කියන්නෙ නෑ’

සනත් නිශාන්ත ලන්සා මහතාට තර්ජනය කරමින් ලබා දී තිබූ ඇමතුමේ හඩ පටය මෙසේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka