ජිනීවා තොණ්ඩුව තවත් තදවෙයි! පෙබරවාරි 28 ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් එයි!
ලබන 28 වැනි දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
බි්‍රතාන්‍ය විසින් එම යෝජනාව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම යෝජනාවට යුද්ධයේදී සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් සම්බන්ධ වගවීමේ ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම සහ පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝන කිරීමේ සිදුවීම් ඇතුළත්ව ඇති බවද වාර්තා වේ.
ඊට දැනටමත් යුරෝපා කොමිසමේ රටවල් කිහිපයක් මෙන්ම බටහිර රටවල් කිහිපයක්ද සහාය පළකර ඇති බවක්ද දැනගන්නට ඇත.
-මව්රට
ජිනීවා තොණ්ඩුව තවත් තදවෙයි! පෙබරවාරි 28 ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් එයි!
2022-02-12T11:37:00+05:30
Gossip Lanka Hot News





