gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන කියපු කතාවකට ෂෙහාන් මාලක අත්අඩංගුවට!

මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන සිද්ධියකට අදාළව සිවිල් ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (14) සවස පානදුරේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

නීතිපතිවරයාගේ උපදෙස්වලට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

මාධ්‍ය හමුවේ ඔහු විසින් කළ එම ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා 08ක් ඔහු කැදවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka