gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිට අත්දැකීම් අඩුයි… තේරුම්යන්නේ පරක්කු වෙලා.. වියතුන්ට පුළුවන් යයි කලින් කියා දැන් බෑ කියනවා - විමලවීරගෙන් දැඩි විවේචන

මේ මොහොතේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් විවේචනය කරන මැති ඇමැතිවරුන් ඉවත් කරන තත්ත්වයක් තුළ හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් කෙලින් කතා කරන තමන් ද ඉදිරියේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.
වර්තමාන ජනාධිපතිවරයාට දේශපාලන අත්දැකීම අඩු නිසාවෙන් ඇතැම් දේශපාලන කාරනා කල්ගොස් තේරුම් යන බව දිසානායක මහතා පෙන්වා දෙයි.

වියතුන්ට රට ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා මුලින්ම සිතුවත් වියත් කම පමණක් රටක් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවන බව අද ජනාධිපතිවරයාම සඳහන් කරන බව ඔහු පවසයි.

මේ වන විට රටේ දැවැන්ත ගෑස් අර්බුදයක් හා ගෑස් ටැංකි පිපිරීමක් ඇති වී ඇතත් එයට සෘජුවම වගකිය යුතු ගෑස් සමාගම් වල සභාපතිවරුන් එම ධූරවලින් ඉවත් නොකිරීම ප්‍රශ්න සහගත බවත් ජනාධිපතිවරයා විසින් සිදුකරන එය බරපතළ වරදක් ලෙසත් විමලවීර දිසානායක මහතා කියා සිටී.

පාස්කු ප්රහාරය සහ බොරැල්ලේ දේවස්ථානයකින් අත් බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කාදිනල් හිමියන් සිදු කරන ප්‍රකාශ සාපරාධි අසත්‍ය ප්‍රකාශ බවද ඒ මහතා පෙන්වා දෙයි.

කාදිනල් හිමියන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමග යවමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka