අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප බැර වූ ගිණුමෙන් උදිත ලොකු බණ්ඩාර මහතා මුදල් ලබා ගැනීමේ සිද්ධියේ තොරතුරු දිනෙන් දිනම අලුත් වෙමින් වාර්තා වනවා.
දශක තුනකට පෙර
එම ගිණුමේ තිබූ මුදල පිළිබඳව විවිධාකාර කතා පැතිරෙමින් තිබෙන්නේ.
එම ගිණුමේ රු. කෝටි 4 සිට 8 දක්වා අතර මුදලක් තිබූ බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍යවරයා 1989 වර්ෂයේ දෙවැනි වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු මෙම ගිණුම ආරම්භ කොට ඇති අතර 1994 දක්වා ඉන් මුදල් ලබාගෙන තිබෙනවා.
ඉන් පසු1994 සිට මේ දක්වාම එම ගිණුමේ මුදල් ලබාගෙන නොමැති අතර එහි මුදල් ඉතුරු කර තැබීමටයි කටයුතු කර තිබෙන්නේ.
ගිණුම මතක් වීම
අග්‍රාමාත්‍යවරයාට ගිණුම ගැන මතක් වී ඇත්තේ පසුගියදා ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත වූ අවස්ථාවේදී බවයි අග්‍රමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එහිදී අග්‍රාමාත්‍යවරයා සිය අතිරේක ලේකම්වරයෙකු වූ චමින්ද කුලරත්න මහතාට කතා කොට මේ ගැන සොයා බලන ලෙස දන්වා ඇති අතර ඔහු අදාල බැංකුවෙන් ඒ ගැන විමසා තිබෙනවා.
ගිණුමේ මුදල් අඩු වී ඇති බව දැනගෙන තිබෙන්නේ ඒ අවස්ථාවේ.
ඒ බව දැනගැනීමෙන් කලබලයට පත් අග්‍රාමාත්‍යවරයාට එම ගිණුමට අදාල කාඩ් පත තිබෙන්නේ උදිත ලොකුබණ්ඩාර මහතා ළඟ බව මතක් වී තිබෙනවා.
විගණන නිලධාරියා දුන් උපදෙස
ඉන් පසුවයි උදිත ලොකු බණ්ඩාර මහතාගේ මේ ගැන විමසා තිබෙන්නේ.
ඊට පිළිතුරු ලෙස ලොකු බණ්ඩාර මහතා අමාත්‍යවරයා අමතා සඳහන් කර තිබෙන්නේ තමන්ට විගණන නිලධාරියකුගෙන් ලැබුණු උපදෙස් මත තමා එම මුදල් වෙනත් ගිණුමක තැන්පත් කළ බවයි.
මෙච්චර මුදලක් ගිණුමක තබා නොතබන ලෙස තමාට එම විගණන නිලධාරියා උපදෙස් දුන් බවත් ලොකු බණ්ඩාර මහතා අග්‍රාමාත්‍යවරයා අමතා ප්‍රකාශ කළ බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.
