gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා ගැන අගමැති අයියාගෙන් අසා දැනගන්න - සුසිල් ජනපතිට දන්වයි

තමන් ගැන සොයන්න කලින් ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඇමතිවරුන් ගැන සොයා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

කැබිනට් ඇමතිවරුන්ගේ සාමූහික වගකීම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ පැහැදිලිව දැක්වෙන බවත් කැබිනට් තීන්දුවකට එරෙහිව ඇතැම් ඇමතිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැන කියන්නේ කුමක් දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස වසර 11ක් කටයුතු කළ තමන්ගේ විනය ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් අසා දැන ගන්නයි තමන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.

කාර්යක්ෂමතාවය යන වචනයේ තේරුම නිවැරදි දේ කිරීම බවත් තමන් කරන්නේ ද හරි දේ මිස වැරදි දේ නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

තමන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කතා කිරීමට ද පැවසූ ඔහු තමන් අමාත්‍ය ධූරයේ සිටින අවස්ථාවට වඩා දැන් හොඳ ප්‍රතිචාර ලැබෙන බව ද තවදුරටත් පැවසීය.

විවේචන පමණක් කරමින් සිටින්නේ අකාර්යක්ෂම පුද්ගලයන් යැයි ජනාධිපතිවරයා විසින් මොනරාගල ප්‍රදේශයේ දී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka