ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද සහන පැකේජය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝගය තවත් උග්‍ර වනු ඇති බව මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනය අනතුරු අඟවයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි තුන් වෙනිදා ප‍්‍රකාශයට පත් කරන ලද රුපියල් බිලියන 229 ක මූල්‍ය සහන පැකේජය පිළිබඳ පුරෝකථනය කරමින් ඔවුන් මේ බව කියා තිබේ.
මෙම සහන පැකේජ හේතුවෙන් සම්පූර්ණයෙන්ම අලුතින් අරමුදල් සපයා ගැනීමට නොඑසේ නම් මුදල් මුද්‍රණය කිරීමට රජයට සිදුවන බවද ඔවුන් සදහන් කරයි.
එම ලිපිය පහතින් දැක්වේ.
