ශ‍්‍රීලනිප සියළු ඇමතිවරුන් ඉවතට..? මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට..?
සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන් එම ධුරවලින් නෙරපා දමනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් ඇමති ධුර දෙකක් සහ රාජ්‍ය ඇමති ධුර දෙකක් දැනට රජය තුල දරමින් සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් උත්සාහයක නිරත වන බවයි.
ආණ්ඩුවේ සිටින එකතු කරගෙන විපක්ෂයේද පිරිසකගේ සහාය ලබමින් විපක්‍ෂයේ බහුතර බලය ලබාගෙන මෙම ධුරය ලබා ගැනීම සඳහා සැලසුම් කරමින් ඇතැයිද එම වාර්තාවන් කියා සිටී.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ද ඒ සඳහා ලබාගැනීමට සාකච්ඡා සිදුවෙමින් ඇතැයි ද වාර්තාවන්හි සඳහන් වේ.
ශ‍්‍රීලනිප සියළු ඇමතිවරුන් ඉවතට..? මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට..?
2022-01-08T09:39:00+05:30
Gossip Lanka Hot News





